රනිල් ළග සිටි රමේෂ් පතිරණ පොහොට්ටුවට – තනතුරකුත් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස  හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ. 

ඊට අදාළ පත්වීමේ ලිපිය පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අතින් පක්ෂ කාර්යාලයේදී අද (22) ලබාගෙන ඇත. 

එමෙන්ම රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෞ සෞඛ්‍ය වෘත්තියකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසට ද පත්වීම් ලැබීය. 

පසුගිය ජනාධිපතිවරයේදී හිටපු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමත් විශේෂත්වයකි. 

අද දින රමේෂ් පතිරණ සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක්ද මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *