හිටපු ජනපති රනිල් අද CIDයට

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22 වැනිදා) කැඳවා ඇත.

ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඇමරිකා එක්සත් ජනපදයේ පැවැති රාජ්‍ය නායක සමුළුවකට සහභාගිවී ලන්ඩන් නුවර හරහා මෙරටට පැමිණීමේදී රාජ්‍ය මුදල් අවභාවිතාවී තිබෙන බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාට මෙම දැනුම්දීම සිදුකර තිබේ.

හිටපු ජනාධිපතිවරයා ලන්ඩන් නුවරට ගොස් ඇත්තේ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයකට එකතුවීම සඳහාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙරදී හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සැන්ඩ්‍රො පෙරේරාගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබිණි.

හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිය ප්‍රකාශය ලබාදීමෙන් පසුව කොළඹ, මල්පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයයේදී අද (22 වැනිදා) මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *