රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කන්කසන්තුරේට මාරු කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලීසිය වෙත මාරු කර තිබේ.

අද (01) සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුව සිදුකර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මේ සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇතැයිද සඳහන් වේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වසර 23ක් පුරාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කල අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15ක්ද සේවය කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *