හිටපු ආණ්ඩු එක්ක බලද්දී මේ අනුරගේ ආණ්ඩුව 100% ක් හොඳයි – රංජන් රාමනායක

පසුගිය ආණ්ඩු සමඟ සන්සන්දනය කිරීමේදී, වත්මන් ආණ්ඩුව එළවා දැමීමට හෝ පරාජය කිරීමට තරම් වරදක් සිදු කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසනවා. 

දූෂණය බොහෝ සෙයින් අවම වී ඇති බවද, ‘හොරු ඇල්ලීම’ ද සිදු කරන බවද, පිටරට සංචාර සිදු කරන විට ද බොහොම සුළු පිරිසක් රැගෙන යන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළා. 

වත්මන් ආණ්ඩුව බොරු ප්‍රකාශ කරන බවට සඳහන් කළ ද, එය අපරාධයක් නොවන බවත්, පෙර ආණ්ඩු සමඟ සැසඳීමේදී ඔවුන්ට වඩා මේ අ‍ාණ්ඩුව 100% ක් හොඳ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *