පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික අඩන්තේට්ටම් කර ඇත්තේ වත්මන් කෝප් සභාපති බව හෙළි වෙයි

පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික අඩන්තේට්ටම් කර ඇත්තේ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) වත්මන් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බව විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (18දා) පැවසීය.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා මීට පෙර දිනක කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු පාර්ලිමේන්තු නිලධාරිනියකට හිරිහැර කර ඇතැයි සඳහන් කළ අතර එම චෝදනාව හේතුවෙන් කෝප් කමිටුවේ හිටපු සභාපති වූ තමන් දැඩි අසීරුතාවට පත් වූ බවත් එබැවින් අදාළ සභාපතිවරයා කවුදැයි හේෂා විතානගේ මන්ත්‍රීවරයා හෙළි කළ යුතු බවත් හිටපු කෝප් සභාපති චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

ඉන් පසුව ප්‍රකාශයක් කරමින් හේෂා විතානගේ මහතා කියා සිටියේ මෙම චෝදනාවට ලක්ව ඇත්තේ හිටපු සභාපතිවරයා නොව වත්මන් කෝප් සභාපතිවරයා බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *