රන්වලගේ සිද්ධියේදී සාමාන්‍ය පරිදි නිතීය ක්‍රියාත්මක කරන්න උපදෙස් දී තිබියදී කටයුතු නොකළ සපුගස්කන්ද OICට එරෙහිව විමර්ශනයක්

සාමාන්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වලගේ ජීප් රථය අනතුරකට ලක් වීමෙන් පසු ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම විමර්ශනයේදී නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වී තිබේද නැද්ද යන්න පිළිබඳව සොයා බලන බව පොලිසිය සඳහන් කළේ ය.

මන්ත්‍රිවරයා පැද වූ ජිප් රථය සපුගස්කන්ද, තෙනිමුල්ල මංසන්ධිය ආසන්නයේදී යතුරුපැදියක පසුපස ගැටී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවන්නේ පෙරේදා රාත්‍රියේදීය.

එහිදී මෝටර් රථයේ ගැටීමෙන් මාස හයක් වයසැති පිරිමි දරුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලැබූහ.

ඔහු බීමත්ව රිය පැද වූ බවට චෝදනා එල්ල වුවත් එම චෝදනාවෙන් නිදහස් වූයේ ය.

එහෙත් එම ක්‍රියාවලිය තුළද ප්‍රශ්නගත අවස්ථා මතු වී තිබිණි.

මේ සම්බන්ධයෙන් අශෝක රන්වල මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත්තේ රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ රිය අනතුරක් සිදු කිරීම යන චෝදනා මතය. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *