උපතින්ම දෙපා අහිමි රුවනි A 7ක් සමග සාපෙළ ඉහළින්ම සමත් වෙයි

ගාල්ල උඩුගම අධ්‍යාපන කලාපයේ ගෝණදෙනිය කනිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්.එම්.රුවනි වාසනා දියණිය උපතින්ම දෙපා අහිමි දියණියක්. ඇය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී විශිෂ්ඨ සම්මාන හතක් සමග (ඒ 7 බී 1 සී 1) විභාගය ඉතා විශිෂ්ට අන්දමින් සමත්වී ඇත.

රුවනි වාසනාගේ මවට හෝ පියා ට හෝ රැකියාවක් නොමැත. ඇයගේ නිවස පිහිටා තිබෙන්නේ උඩුගම  දවුල්හේන ප්‍රදේශයේ ඉතා දුෂ්කර මාර්ගයක. තම දියණියගේ අධ්‍යාපන කටයුතු කර ගැනීගැනීම සඳහා නිවසක් සාදාගැනීමට ත්‍රීවීලරයක් හෝ හැකි ප්‍රදේශයක ඉඩම් කොටසක් පරිත්‍යාගශීලියකු ලබා දෙන්නේ නම් එය මහඟු පිනක් බව ඇයගේ පියා, ඩබ්ලිව්.එම්.තිලක් ප්‍රදීප් කුමාර මහතා පවසයි.

රුවනි වාසනා දියණිය අප සමග මෙසේ කීවාය. “ මට කොච්චර බාදක තිබුණත් මම මහන්සි වෙලා වැඩ කලා. කරදර අමතක කරලා වැඩ කරන්න. එතකොට හැම දෙනාටම ජයග්‍රහනය කරන්න පුලුවන්. ඉස්කෝලේ ලොකු සර් වගේම ගුරුවරු මට හුගාක් උදව් කලා. යාලුවෝ මගේ අයියලා මල්ලිලා වගේ මට උදව් කලා. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි…වන්ඩේ යූ කැන් ෆ්ලයි”

 “මෙවර විභාගයෙන් අපේ පාසල ඉතා හොද ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. ඒ අතර මේ දියණියගේ ප්‍රතිඵලය ඉතාම වටිනවා. මෙතරම් බාධක තිබුණත් ඒ දියණිය අන් අයට ආදර්ශයක් දෙමින් විභාගය ඉතා ඉහළින් සමත්ව අපේ පාසලට ගෞරවයක් ලබා දී තිබෙනවා.” යැයි විදුහල්පති යසරත්න එන්. ගමගේ මහතා පැවසීය.

image 25734cd2b1 Iri News
image 842df38322 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *