රට වැටුණම ගොඩගන්න අපි ඉන්නවා,බය වෙන්න එපා – වජිර කියයි

රට යළි වැටෙමින් තිබෙන බවත් මැයි හයවන දා ඡන්දය ප්‍රකාශ කරද්දී ඒ ගැන අවබෝධයෙන්  යුතුව ඡන්දය ප්‍රකාශ කරන ලෙසත් එජාප සභාපති වජිර අබේවර්ධන ජනතාවගෙන් ඉල්ලයි. 

ගාල්ලේ තලාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම ඉල්ලීම කළේ ය. 

“මේ මැයි 6 වැනිදා ඉතා වැදගත්. මැයි 6 වැනිදා ඡන්ද පොළට ගියාම ඔබ කල්පනාවෙන් තීන්දු ගන්න ඕන. මොකද නුදුරේදීම රට වැටෙනවා. රට වැටුණම ඔබ වැටෙනවා. ඒක සහතිකයි. 

ඒකට දැන් අපිට කරන්න දෙයක් නෑ. නමුත් අපිට කරන්න පුළුවන් දේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකතුවෙලා ඔබව නැගිට්ටවලා ඔබව ශක්තිමත් කරන එක. ඒක අපි කරලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. වැටෙන එක නවත්තන්න බැහැ. අපි මේ කතා කරන මොහොතෙන් මේ රට වැටෙමින් තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *