දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් සහ දානපතීන්ගෙන් දිනපතා ආධාර ලැබෙමින් පවතී.
ඒ අනුව හැටන් නැෂනල් බැංකුව විසින් රුපියල් මිලියන 100ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළ අතර ඊට අදාළ චෙක්පත Hatton National බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජය විජේමාන්න යන මහත්වරු විසින් අද (16) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.