හිටපු ඇමති ජොන්ස්ටන් සහ ඔහුගේ බාල පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරගත කරයි

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුතු ලබන ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට භාර වූ අවස්ථාවේදී ඔහු සහ ඔහුගේ බාල පුතු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ වැඩිමහල් පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු සහ සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *