වෙළෙඳ නෞකා ආරක්ෂාව යළි නාවික හමුදාවට – නිශ්ශංක සේනාධිපතිගේ ඇවන්ගාර්ඩ් ඉවතට

වෙළෙඳ නෞකා වෙනුවෙන් ආරක්ෂාව සැපයීමේ කටයුතු යළිත් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරමින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව අගෝස්තු 13 වැනිදා නිකුත් කර තිබේ.

වෙළෙඳ නෞකාවක් වෙනුවෙන් සමුද්‍රීය ආරක්ෂක සේවා සැපයීම නිශ්ශංක සේනාධිපතිගේ සභාපතිත්වයෙන් යුත් ඇවන්ගාඩ් සමාගම විසින් මෙතෙක් සිදු කළේය. විටින් විට එම සමාගම එම සේවාවලින් ඉවත් කර නාවික හමුදාවට පවරනු ලැබූව ද පසුව නැවතත් ඇවන්ගාඩ් සමාගම වෙත එහි කටයුතු පවරා තිබිණි.

සමුද්‍රීය ආරක්ෂක සේවා සැපයීම හරහා රජයට විශාල ආදායමක් උපයා ගැනීමට අවස්ථාව සැලසෙන බැවින් එහි ආරක්ෂාව නාවික හමුදාව වෙත පැවරීමට තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *