පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිදු කරන ලද වැටලීම්වලින් පසු, සහල් සහ පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි මිලකට අලෙවි කළ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත.
💸 බෙලිහුල්ඔය ආපනශාලා හිමියාට රුපියල් මිලියනයක දඩ
රුපියල් 100ක උපරිම සිල්ලර මිලක් සහිත පානීය ජල බෝතලයක් රුපියල් 400කට අලෙවි කළ බෙලිහුල්ඔය ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර, ඔහුට රුපියල් මිලියනයක (ලක්ෂ 10ක්) දැඩි දඩ මුදලක් නියම කර තිබේ.
💰 කළුතර වෙළෙඳසැල් 4කට රුපියල් ලක්ෂ දෙකක දඩ
ඊට අමතරව, සහල් තොග වෙළෙඳපොළේ නියමිත මිලට වඩා වැඩි මිල ගණන් යටතේ අලෙවි කළ කළුතර දිස්ත්‍රික්කයේ වෙළෙඳසැල් 4කට එරෙහිවද නඩු පවරා ඇත. මෙම වෙළෙඳසැල් හතරට සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ දෙකක (200,000) දඩ මුදලක් නියම කර තිබේ.