රට පුරා අවදානම් පාලම් 30ක් – කොයි වෙලාවක හරි කඩන් වැටෙනවා,හදන්න සල්ලි නෑ – ඇමති බන්දුල


රටපුරා පාලම් 30ක් ඉතා අවදානම් තත්ත්වයේ පවතින බව තමා දන්නා බවත්, ඒවා සකස් කිරීමට මුදල් නොමැති නම් තමා කුමක් කරන්නේදැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

රටතුල ඉතා අන්තරාදායක තත්වයේ පවතින පාලම් 30ක් තිබෙන බවත්, කොයි මොහොතක හෝ එම පාලම් කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අධිවේගී මාර්ග වලින් වසරකට බිලියන 05ක ලාභයක් ලැබුවත්, එම මාර්ග වලට ලබාගත් විදේශ ණය ගෙවීමටවත් එම මුදල ප්‍රමාණවත් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *