තරගකාරි මිලට ආර්.එම්.පාර්ක්‌ ෂෙල් මැයි 10 වනදා ලංකාවටම තෙල් බෙදයි


ආර්. එම්. පාර්ක්‌ ෂෙල් සමාගම මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ලබන මැයි මස 10 වැනිදා වන විට ආරම්භ කරනු ඇතැයි බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක කියා සිටියි.

එම සමාගම මේ වන විටත් ඩීසල් සහ පෙට්‍රල් තොග රැගත් නෞකා දිවයිනට රැගෙනවිත් ඇති බව බලශක්ති රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පැවැසුවේය.

මෙම නෞකා මෙරටට පැමිණ තිබුණද ඉන්ධන බෙදාහැරීම සඳහා අවශ්‍ය අනෙක් පහුසකම් ද සපුරා ගන්නා තෙක් අදාළ සමාගමට ඉන්ධන බෙදා හැරීම සිදුකිරීමට අවසර නොදෙන බවත් එම අවසර ලැබෙන්නේ සමාගම සියලුම පහසුකම් සපුරා ගැනීමෙන් පසුව බවත් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

ඒ අනුව ආර්. එම්. පාර්ක්‌ සමාගම ලබන 10 වැනිදා වන විට එම සියලු සුදුසුකම් සපුරා ගන්න බැවින් එදින සිට ඔවුන්ට මෙරට ඉන්ධන වෙළෙඳපොළට පැමිණීමට අවස්ථාව හිමිවේ.

මෙම සමාගමට පිරවුම්හල් 150 ක් ඉන්ධන අලෙවි කිරීම සඳහා හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *