දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත්වූ ජන ජීවිත නැවත ගොඩනගා ගැනීම වෙනුවෙන් පිහිටුවන ලද Rebuilding Sri Lanka අරමුදලට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දිනක වැටුප පරිත්‍යාග කර තිබෙනවා .
ඊට අදාල රු. 1,253,160.00 ක වටිනාකමැති චෙක්පත මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතිඥ කමල් අමරසිංහ විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක වෙත භාරදීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේදී අද සිදු වුණා.