සුළි කුණාටුවට පසුව මාර්ග පද්ධතිය කඩිනමින් හදපු නිසා උද්ධම​නය පාලනය උනා – මහබැංකු අධිපති

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් උද්ධමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද, විනාශ වූ මාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම හරහා සැපයුම් දාමය යතා තත්ත්වයට පත් වූ බැවින්, අපේක්ෂා කළ මට්ටමට ඉහළ යා නොදී උද්ධමනය පාලනය වූ බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

සුළි කුණාටුව ඇති වූ දෙසැම්බර් මාසයේ උද්ධමනය යම් තරමක ඉහළ ගියද මේ වන විට එය නැවත 2% මට්ටම කරා පැමිණ තිබෙන බවද ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *