වතු සේවක පඩිය වැඩි කිරීමට එරෙහිව සජබ මන්ත්‍රීනී රෝහිණි කවිරත්න අල්ලස් කොමිසමට යයි

පෞද්ගලික වතු සමාගම්වලට අයත් වතු කම්කරුවන්ට රුපියල් 200 බැගින් ගෙවීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කිරීම සහතික කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා මාතලේ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න අල්ලස් කොමිසමට සහ විගණකාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

මෙම මුදල් වෙන්කිරීම නීති විරෝධීද නැද්ද යන්න පරීක්ෂා කරන ලෙසයි ඇය මෙම ආයතන දෙක මගින් ඉල්ලා ඇත්තේ.

වතු කම්කරුවන් රැකබලා ගැනීම ජාතික ප්‍රමුඛතාවයක් බව ප්‍රකාශ කරන මන්ත්‍රීවරිය ප්‍රධාන වතු සමාගම්වලට අයත් නොවන සේවකයින් 40,000 ක් පමණ මෙම යෝජනාවෙන් ආවරණය නොවන බවත් පවසනවා.

එය වතුකරයේ ප්‍රධාන සමාගම් වල සේවය කරන වතු කම්කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පමණක් කරන ලද වෙන් කිරීමක් බවත් මේ ආකාරයෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ප්‍රයෝජනය සඳහා ඒකාබද්ධ අරමුදලෙන් ප්‍රතිපාදන ලබා දිය නොහැකි බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *