කොටස් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියව අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර උතුර පොලිස් වසමේ නුගගොඩ ප්‍රදේශයේ නිවසට ගියද එම සැකකාරිය සහ ඇයගේ සැමියා නිවස වසා පලා ගොස් ඇතැයි පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
එම සැකකටයුතු ජීප් රථය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුතා වන රසික විතාන මතුගම නගරයේදී පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී එය රෝහිත අබේ ගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් බවට අනාවරණය වී තිබිණි.
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහරක ඒකකය පරීක්ෂණණ පවත්වයි.