රෝහිත රාජපක්ෂ සම්මුඛ පරීක්ෂණයකින් අප ආයතනයට බදවාගත් සේවකයෙකු පමණි – සුප්‍රීම් සැට් ආයතනය කියයි

තම සමාගම විසින් අභ්‍යාවකාශගතකරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන්, සුප්‍රීම් සැට් ආයතනය තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය තුළ අදාල ව්‍යාපෘතිය හා සම්බන්ධ කරුණු රැසක් අනාවරණය කර තිබෙන අතර, රෝහිත රාජපක්ෂ පිළිබදවද සදහන් කර තිබේ.

එම සදහනට අනුව, “චිචීගේ රොකට්ටුව” ලෙස නම් කළද, මෙම ව්‍යාපෘතිය සමඟ රෝහිත රාජපක්ෂ සම්බන්ධ වන්නේ වැටුප් ලබන සේවකයෙකු ලෙසයි.

එවැනි ව්‍යාපෘතියකට සම්බන්ධකර ගැනීම සදහා අවශ්‍ය වන සියළු ආකාරයේ සුදුසුකම් රෝහිත රාජපක්ෂ ඒ වන විටත් සපුරා තිබුණු බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

සුප්‍රීම් සැට් ආයතනය නිකුත් කර තිබෙන නිවේදනයට අනුව, ඔවුන් අදාල වගකීම භාරදීමට රෝහිත රාජපක්ෂ තෝරා ගෙන තිබෙන්නේ ඔහු සිය සුදුසුකම් ලෝකයේ පිළිගත් විශ්ව විද්‍යාල මගින් ලබාගත් සහතික ඔස්සේ තහවුරු කර තිබෙන බැවිනි.
මෙම නිවේදනය සුප්‍රීම් සැට් ආයතනය නිකුත් කර තිබෙන්නේ මීමැස්සෝ ටීවී නමැති යූ ටියුබ් නාලිකාවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *