වත්මන් රජය විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් තීරණය දැඩි අසාධාරණ ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. පසුගිය මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 20කට අධික මුදලකින් ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම මිල සංශෝධනයත් සමඟ සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ යන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, රජයේ මෙම ක්‍රියාකලාපය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව අවධාරණය කළේය.
“වෙන ආණ්ඩුවක් මිල වැඩි කරා නම් අපිට බලාගෙන ඉන්න තිබුණා, ඒත් මේ ආණ්ඩුව මේක කරන එක අපිට බලාගෙන ඉන්න බෑ. පෙට්‍රල් ලීටරය රුපියල් විසි ගාණකින් වැඩි වුණාම පොහොසත් රටේ ලස්සන ජීවිතයක් ගත කරන්නේ කොහොමද?” යනුවෙන් ඒ මහතා ප්‍රශ්න කර සිටියි.