ජාතික රූපවාහිනී නිවේදක දුෂාන්තගේ මව සහ පියා එකම දිනෙක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයකු සහ වැඩසටහන් නිෂ්පාදකවරයකු වශයෙන් කටයුතු කරන මාධ්‍යවේදී  දුෂාන්ත දර්ශන මහතාගේ මෑණියන් සහ පියාණන් හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ පෙරේදා (03)  අභාවප්‍රාප්ත විය.

ඔහුගේ මව වන එම්.එස්.ජේ.ඒ.ජී.දයාංගනී මහත්මිය මිය යන විට 68 වෙනි වියේ පසුවූ අතර ඇය මිට කලකට පෙර බරපතල රිය අනතුරකට ලක්ව පාදයක් ඉවත්කර සිටියාය. ඔහුගේ පියා වන කේ.ටී.යසවර්ධන මහතා මිය යන විට 78 වෙනි වියේ පසුවු අතර  මේ දෙදෙනාම හදිසියේ ඇති වූ රෝගී තත්වයන් මත මිට දින දෙක තුනකට පෙර හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියේය. එහිදී අසාධ්‍ය තත්වයට පත්වු මව 03 වෙනිදා දහවල මියගිය අතර පියා රාත්‍රියේ මිය ගියේය. 

මේ දෙදෙනාගේ එකම දරුවා වන දුෂාන්ත සිය 25 වසරක මාධ්‍ය ජීවිතය තුළ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයකු ,  ලංකාදීප පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් රැසක ඉංගිරිය ප්‍රාදේශිය මාධ්‍යවේදියකු වශයෙන් ද කටයුතු කළ අතර  2007 වසරේ මෙරට පළමු දැයට කිරුළ වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් සේවයට එක්විය. 

 මෙම දේහයන් ඉංගිරිය රෝහල ඉදිරිපිට මලින්ද මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු  අද දින ( 05)  ප.ව. 2.00 ට ඉංගිරිය ආදාහනාගාරයේ දී සිදු කිරිමට නියමිතය.

අඟුරුවාතොට  මංගල එදිරිසිංහ

image dba9456e6b Iri News
image e90cb88033 Iri News
image c66f5f300b Iri News
image 912a7cf71d Iri News
image 9f341737f2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *