හෙළ රජ දවසින් පසු මෑත ඉතිහාසයේ රුවන්වැලි සෑරදුන් ඉදිරිපිට පැවැත් වූ විශාලතම ශබ්ද පූජා පින්කම පෙරේදා (28දා) උදෑසන රුවන්වැලි මහ සෑරදුන් අබියස දී සිදු කෙරිණි.
මඟුල් බෙරය, දවුල, තම්මැට්ටම, ගැටබෙරය, හක්ගෙඩිය සහ හොරණෑව භාවිතා කරමින් 510 දෙනෙකුගෙන් යුතු හේවිසි කණ්ඩායමක් රුවන්වැලි සෑ සලපතළ මළුව වටා හිඳිමින් බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කෙරෙන ආමිස පූජාවක් ලෙස, උදෑසන 6.30 සිට 7.30 දක්වා පැයක කාලයක් පුරාවට අඛණ්ඩව මෙම ශබ්ද පූජාව සිදුකළහ.

“වස් දොස් දුරුවී රටට යහපත සැනසිල්ල උදාවේවා”යි ප්‍රාර්ථනා කරමින් මෙම ශබ්ද පූජාව පැවැත්විණි. රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමිගේ ආශිර්වාදය ඇතිව මල්වතු මහා විහාරවාසි පුරාවිද්‍යා ගවේෂණ සූරී ශාස්ත්‍රපති මැද මහනුවර ධම්මසිරි හිමිපාණන්ගේ උපදේශකත්වයෙන් හා ආචාර්ය රවින්ද්‍ර මුදලිගේ මහතාගේ පූර්ණ දායකත්වයෙන් හා මඟ පෙන්වීමෙන් ඒ මහතාගේ දායක දායිකාවන් මෙම ශබ්ද පූජා පින්කම සිදු කෙරිණි.