ලොහාන් රත්වත්තේ සිරකරුවන් වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළ පුද්ගලයෙක් – හිටපු ඇමති අලි සබ්‍රි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ මරණය සම්බන්ධයෙන් ශෝක වන පිරිස් අතර, හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රිද සිටියි. 

රත්වත්තේ පවුලේ හිතවතකුවන අලි සබ්රී, තමන් එම පවුලේ නීතීඥවරයෙකු ලෙසද කටයුතු කළ බව පවසන අතර, ඔහුගේ මරණය ඔහු නියෝජනය කළ දේශපාලන කදවුරට මහත් පාඩුවක් වනු ඇති බව ද අවධාරණය කරයි. 

ලොහාන් රත්වත්තේ ඔහුට භාර දුන් වගකීම් නිසි ලෙස ඉටු කළ අයෙකු බව පවසන අලි සබ්රි, වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන යාමේ ව්‍යාපෘතියට ඔහු උනන්දුවෙන් මැදිහත් වූ බවත් සිරකරුවන් වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළ බවත් පවසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *