රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ආසන්නම හේතුව සාගර රත්නායක මහතාගේ නම කීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ සියත රූපවාහිනියේ පැවති වැඩසටහනට එක් වෙමිනි.
‘සාගල රත්නායක කියන්නේ මොකක්ද’ යයි රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා බොහෝ වේදනාවට පත් වී ඇති බවත් එසේ නැතිව දූෂණ වංචා හෙළිදරව් කිරීම නිසා ඇමැති ධුරය ඉවත් කිරීමක් සිදු වී නැති බවද හෙතෙම පැවසීය.