‘ජනාධිපතිට දෝෂාභියෝගයක් ගේන්න මෙය අවස්ථාවක් කර ගන්න’- පොහොට්ටු ලේකම් සාගර කියයි

ව්‍යසනය හමුවේ ආණ්ඩුකරණයේ නොහැකියාව පදනම් කරගෙන ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක්  පාර්ලිමේන්තුවට ගෙන ඒමට මෙය අවස්ථාවක් කරගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර  කාරියවසම් ප්‍රධාන විපක්ෂය ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා හා ඇමතිවරු නොකර හැරියේ මොනවා ද යන සියලු කාරණා මේ තුළින් ජනතාවට දැන ගැනීමට හැකිවනු ඇතැයි ඔහු  කීය.

වත්මන් ආණ්ඩුව ව්‍යසනයේදී  අවශ්‍ය පියවර නොගැනීම, ඉතා ම සූක්ෂ්ම ආකාරයෙන් ඔවුන්ගේ නොසැලකිල්ල, නොහැකියාව සහ සමහර ස්ථානවල සිතාමතා කරපු  වැරදි රාජ්‍ය බලය, ආණ්ඩු බලය භාවිත කරමින්  වසාගන්න ලොකු උත්සාහයක් දරන බව ඔහු පැවසීය.

විපතට පත් ජනතාවගේ කඳුළු තුළින් හා මරණ තුළින්  දේශපාලනය කිරීමට ආණ්ඩුව  දරන  උත්සාහය  නතර කළ යුතුව ඇතැයිද  ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මහ ලේකම් සාගර  කාරියවසම් මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *