සජිත්ගේ ඉන්දිය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ – සජබ මන්ත්‍රී හර්ෂ කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ඉන්දීය සංචාරය පිළිබදව කිසිවක් තමන් හෝ පක්ෂයේ වෙනත් කිසිදු ජ්‍යේෂ්ඨයෙකු දැන නොසිටි බව හර්ෂද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ සලකු-ණ වැඩ සටහනට සහභාගී වෙමිනි.

විපක්ෂ නායකයාගේ ඉන්දීය සංචාරයේ ඇති වැදගත්කම අවධාරණය කරමින් මාධ්‍යවේදීන් පවසා සිටියේ, මෙවැනි සංචාරයකට, විපක්ෂ නායකවරයා සමඟ අනාගත රජයක මුදල් අමාත්‍යවරයා හෝ අනාගත රජයක අග්‍රාමාත්‍යවරයා හෝ අනාගත රජයක සංහිදියාවට අදාල අමාත්‍ය වරයා හෝ සහභාගී වීම සිදු විය යුතු බවයි.

හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා මාධ්‍යවේදියාගේ අදහස පිළිගන්නා බව පෙන්නුම් කළ ද ඔහු කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ය.

විපක්ෂනායකවරයාගේ ඉන්දීය සංචාරය ඉන්දීය රජයේ ආරාධනයෙන් සිදු වූවක් ද යන්න බව මන්ත්‍රීවරයා දැන නොසිටි අතර, ඔහු පවසා සිටියේ, එය ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව සිද්ධ වූ සංචාරයක් බව මාධ්‍ය වාර්තා කර තිබුණි බවයි.

ඊට අමතරව, සිය ඉන්දීය සංචාරය පිළිබද කිසිදු විස්තරයක්, සංචාරය නිමකර දිවයිනට පැමිණ සිටින සජිත් ප්‍රේමදාස මහතා මෙතෙක් පක්ෂයට ඉදිරිපත් කර නැති බවද හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *