ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.
ඊයේ (27) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ඔහුට නිල පත්වීමේ ලිපිය භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ (SJB) නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත්වීම සිදු කර ඇති අතර, එම අවස්ථාවට SJB මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ද සහභාගී වී තිබෙනවා.