විපක්ෂ නායක සජිත් සහ හිටපු ජනපති රනිල් අතර හමුව වැලකී යයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර හමුවක් සිදු වීමට තිබුණ ද එය වැළකී ගොස් ඇතැයි සජබ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ උපන්දිනය දා කොල්ලුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත්වලට රනිල් වික්‍රමසිංහ මහතා ද පැමිණීමට කැමැත්තක් තිබී ඇත.

කෙසේවෙතත් ඒ සම්බන්ධව ප්‍රවෘත්තිය සජිත් ප්‍රේමදාස මහතාට සැලකර එදින එවැනි හමුවක් සිදුවීම සුදුසු නොවන බවට සජබ හිටපු මන්ත්‍රීවරයකු ප්‍රේමදාස මහතාට ගතු කියා ඇත.

ඔහු ඒ කරුණු ද සැලකිල්ලට ගෙන සජිත් ප්‍රේමදාස මහතා එම හමුව එදින සිදුවීම ප්‍රතික්ෂේප කර ඇති අතර ප්‍රේමදාස මහතාට සුබ පැතීමට රනිල් හැර එජාප ජ්‍යෙෂ්ඨයන් එම ස්ථානයට පැමිණ සිටින අයුරු දැකගැනීමට හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *