ජාතික ජන බලවේගයේ ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් සමඟ එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට සජිත් සූදානම් බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා අද (අගෝස්තු 11) ප්‍රකාශ කර තිබේ.
“සුප්‍රීම්සැට් සිද්ධිය නිසා ජාතික ජන බලවේග රජය සෙලවී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. අවශ්‍ය වුවහොත් ජාතික ජන බලවේගයේ ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් සමඟ එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානමින් සිටිනවා,” යැයි මන්ත්‍රීවරයා පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පෙරේරා මන්ත්‍රීවරයා, ඇමති වසන්ත සමරසිංහ මහතාගේ උත්සාහය වන්නේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අපහසුතාවයට පත් කර ඇය අදක්ෂ පුද්ගලයෙකු ලෙස පෙන්වීම බවද කියා සිටියේය.