‘රනිල්ගේ ගැටයට හසු නොවන්න – සජිත් රැකගැනීමේ ව්‍යාපාරයක් එයි

‘රනිල්ගේ ගැටයට අසු නොවන්නට’ මැයෙන් සජිත් රැක ගැනීමේ ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතා රැලියක් සමගි ජන බලවේග පක්ෂ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිටදී හෙට (ජන. 8) උදෑසන 10:00 ට පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජන බලවේගය සන්ධානගත වීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කරන බව රැලිය සංවිධානය කරන්නෝ පවසති.

විරෝධතාව සඳහා සහභාගි වීමට සමගි ජන බලවේග පාක්ෂිකයන් රැසක් පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එසේ ම, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද එදිනට විරෝධතාව වෙනුවෙන් පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.

විරෝධතාව ගැන වැඩිදුර දැනගැනීම සඳහා 071 6631043 අංකයට අමතන ලෙසත් සජිත් රැකගැනීමේ ව්‍යාපාරය සජබ පාක්ෂිකයන් වෙත දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *