මැදපෙරදිග කලාපයේ සාම සාකච්ඡා අරඹන්න – විපක්ෂ නායක සජිත් කියයි

මැදපෙරදිග කලාපයේ උත්සන්න වන යුදමය තත්ත්වය වහාම නතර කරන ලෙසත්, කඩිනමින් සාම සාකච්ඡා අරඹන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටියි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ, සිය ‘X’ ගිණුමෙහි සටහනක් තබමිනි.

මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය ගෝලීය සාමයට සහ ආරක්ෂාවට එල්ල වී ඇති බරපතල තර්ජනයක් බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා,,, සවුදි අරාබිය, කුවේටය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), කටාර් සහ බහරේනය වැනි රටවල් ඉලක්ක කරගනිමින් යුද්ධය ව්‍යාප්ත වීම හෙළා දකින බව ද සඳහන් කරයි.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර ඇත.

ඒ අනුව මැදපෙරදිග රැකියාවල නිරත ලාංකිකයන් ලක්ෂ 10කට අධික පිරිසකගේ ජීවිතවල ආරක්ෂාව සියල්ලටම වඩා වැදගත් බවත්, සියලුදෙනාගේ යහපත වෙනුවෙන් යුද්ධය නතර කර යුතු බවත් පෙන්වා දී තිබේ.

ඒ අනුව හමුදාමය ක්‍රියාමාර්ග වහාම අත්හිටුවා ප්‍රමාදයකින් තොරව සාම සාකච්ඡා සහ සම්මුතීන් සඳහා එළඹෙන ලෙස ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

ඒ, “සාමයට අවස්ථාවක් දෙන්න” (Give peace a chance) යන පණිවුඩයත් සමඟයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *