වැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැටුපත් අඩකින් කපා හරියි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (11) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. එන්. සී ධනසිංහ මහතා නිත්‍ය තනතුරේ රාජකාරීවලට අමතරව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *