නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සේවය හැරගියා සලකයි.
තැපැල්පතිවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, නිසි අවසරයකින් තොරව සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයින් සේවය හැර ගියා සලකන බවයි.
තවද, මෙම සේවකයින්ගේ අගෝස්තු මාසික වැටුප් නොගෙවන ලෙසට භාණ්ඩාගාරයට දැනුම් දී ඇති බවද තැපැල්පතිවරයා සඳහන් කළේය.
