කල් ඉකුත්වීමට ආසන්න භාණ්ඩ සේල් කියලා විකුණනවා – පාරිභෝගික අධිකාරිය ජනතාවට දැනුම් දෙයි


ළඟ ළඟ උදාවන අවුරුදු සමයේ විවිධ භාණ්ඩ අළෙවිකරන ස්ථාන තුළින් පාරිභෝගික ජනතාව යම් රැවටීමකට ලක් වීටම ඉඩකඩ පවතින බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

උත්සව සමයේ ක්‍රියාත්මක “සේල්” නමින් හඳුන්වා භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී මෙම තත්ත්වය උදාවිය හැකි බවයි එම අධිකාරිය පැවසුවේ.

එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර ප්‍රකාශ කළේ කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩවල තොරතුරු වෙනස් කර උත්සව සමයේ අලෙවි කිරීම් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *