දිගු කාලයක් පුරා සමනල වැව ජලාශයේ පවතින ජලකාන්දුව නතර කළ නොහැකි බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ පෞද්ගලික සමාගම ප්රකාශ කළා.
ඒ, බලශක්ති සහ ප්රවාහනය පිළිබඳ ආශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.
අදාළ ජල කාන්දුව වැළැක්වීම සඳහා විවිධ ක්රියාමාර්ග ගනු ලැබුවත්, ඉන් කිසිදු ප්රතිඵලයක් ලබාගැනීමට නොහැකිවී ඇති බවයි මෙහිදී එම සමාගමේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.