වැඩ බැරි ආණ්ඩුව වැඩ දන්න අයට ගහනවා – සමන්තභද්‍ර හිමි

සිරි සමන්තභද්‍ර හිමියන් සහ මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් අතර හමුවක් මල්වතු මහා විහාරයේදී පැවැත්විණි. එහිදී වත්මන් රජයේ ක්‍රියාකලාපය සහ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් සමන්තභද්‍ර හිමියන් සිය විවේචනය ඉදිරිපත් කළහ.

වත්මන් රජයට කිසිදු වැඩක් කර ගැනීමට නොහැකි බවත්, ඒ නිසාම වැඩක් කිරීමට උත්සාහ කරන පිරිස් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවත් සමන්තභද්‍ර හිමියන් මෙහිදී පැවසූහ.

සමන්තභද්‍ර හිමියන්ගේ කරුණු දැක්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ මල්වතු මහ නාහිමියන් අවධාරණය කළේ, “මොන ප්‍රශ්න තිබුණත් මාධ්‍ය ඉදිරියට ගොස් කෑගැසීම සංඝ ශාසනයට ගැලපෙන්නේ නැති” බවයි. ඕනෑම ගැටලුවක් සංයමයෙන් යුතුව විසඳා ගත යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් වදාළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *