
මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (03) අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක,ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ මෑණියන් වූ බ්‍රීඩා ජයසූරිය මහත්මියගේ දේහය කොළඹ සිට ඊයේ (04) දහවල් ඇය ජීවත් වූ මාතර කොටුවේගොඩ පිහිටි නිවසට රැගෙන එනු ලැබීය.
මිය යන විට 83 වැනි වියේ පසු බ්‍රීඩා ජයසූරිය මහත්මිය දිවංගත ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ ආදරණීය බිරිය වන අතර චන්දන ජයසූරිය හා සනත් ජයසූරිය යන පුතුන් දෙදෙනාගේ ආදරණීය මව විය.
මව මිය යන විට ජාතික ක්‍රිකට් කණ්ඩායම් සමඟ අමෙරිකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියකට එක්ව සිටි සනත් ජයසූරිය මහතා මවගේ අභාවය දැනගත් විගස නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු පැමිණෙන තෙක් මවගේ දේහය කොළඹට රැගෙන ගොස් මල් ශාලාවකදී දේහය සකස් කෙරිණි.
සනත් ජයසූරිය පැමිණීමෙන් පසු ඔහු සමඟම දේහය මාතර කොටුවේගොඩ පිහිටි නිවසට රැගෙන එනු ලැබීය. බ්‍රීඩා මහත්මියගේ දේහය මාතර කොටුවේගොඩ මහමායා මාවතේ අංක 45 නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05) පස්වරු 4.00ට මාතර ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.