පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න රජය තීරණය කරයි

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන හතරක් පමණ වන අතර වැඩිවියට පත් ශික්ෂාවන් මිලියන 1.2 ක් පමණ සිටින බව ගණනය කර ඇත.

එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල් ,දුෂ්කර පාසල්, හුදෙකලා පාසල් ,වතු පාසල් හා දරිද්‍රතා සිසු සිදුවියන් සහිත නාගරික  පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800000කට 2024 වර්ෂයේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ


Leave a Reply

Your email address will not be published. Required fields are marked *