ගල් අගුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලක්විජය බලාගාරයෙන් නිකුත් කළා යැයි කියමින් විපක්ෂය මාධ්‍යයට ඉදිරිපත් කර තිබෙන වාර්තා, සැබෑ වාර්තා නොවන බව සිවිල් බුද්ධි පෙරමුණ සිවිල් සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසනවා.
2025 වසරට අදාලව නිකුත් කර ඇති බව පැවසූ මාධ්‍යයට ඉදිරිපත් කර තිබෙන වාර්තා 2017 වසරට අදාල වන බවයි ඔහු කියා සිටින්නේ. මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස සිවිල් බුද්ධි පෙරමුණ සිවිල් සංවිධානයේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.