ලංකාවේ ජාතික නායකයින් අතරේ නාමල් කැපී පෙනෙන නායකයා බවට පත්වෙලා – සංජීව එදිරිමාන්න

දේශපාලන පක්ෂයක් ලෙස ආණ්ඩුවේ වැරදි දේශපාලන ගමනට විරුද්ධව සටන්කාමී ලෙස ‍ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

මෙරට ජාතික නායකයන් අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කැපී පෙනෙන පුද්ගලයෙක් බවට පත්ව ඇති බවයි අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය ලබා නොදුන් විශාල පිරිසක් ද මෙරට ඊළඟ නායකයා නාමල් යන වචනය ප්‍රකාශ කරන තැනට ලංකාවේ දේශපාලනය වෙනස් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *