ශ්‍රි ලංකා මාතාවට වටිනා පුතෙක් බිහි කළ සනත්ගේ මව අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ මව වන බ්‍රීඩා ජයසූරිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය අභාවප්‍රාප්තවන විට 80 හැවිරිදි වියේ පසු වුණා.

මාතර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකදී ඇය මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සනත් ජයසූරිය මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස මේ වනවිට ඇමරිකාවට ගොස් සිටිනවා.

මෙම පුවත සැලවීමත් සමඟ ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.

අභාවප්‍රාප්ත බ්‍රීඩා ජයසූරියගේ අවසන් කටයුතු අනිද්දා සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *