සපුගස්කන්දට ආයෝජනය කරන්න චීන, එක්සත් ජනපද සහ ජපාන සමාගම් කැමැත්ත පල කරයි

සපුගස්ගන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීම සදහා එක් වීමට චීන, එක්සත් ජනපද, ජපාන සහ එක්සත් අරාබි එමීර් රාජයට අයත් සමාගම්ද ඇතුළව, විදේශීය සමාගම් විස්සක් ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කර තිබේ. 

සපුගස්කන්ද තෙල් පහදුව පුළුල් කිරීම සදහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව යෝජනා කැදවා තිබුණු අතර, සිකුරාදායින් යෝජනා භාර ගැනීම අවසන් විය. 

සපුගස්කන්ද පිරිපහදුව පුළුල් කිරීම සදහා මුල්වරට යෝජනා වී තිබුණේ 2010 වසරේ දී ය. 

යුද්ධය සහ කොරෝනා වසංගතය ඇතුළු නොයෙකුත් හේතුමත එය දියත් කිරීම කල් ගියේ ය. 

ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවත ලෙස අද මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *