හොරකම් නොකිරීමේ ගෞරවය මේ ආණ්ඩුවට හිමි විය යුතුයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

මේ ආණ්ඩුව හොරකම් නොකරන ආණ්ඩුවක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එම ගෞරවය සියයට සියයකින් ආණ්ඩුවට හිමිවිය යුතු බව ඔහුගේ අදහසයි.

කෙසේ වෙතත් එය පමණක්ම ප්‍රමාණවත් නැති බව පවසන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනතාවගේ අභිප්‍රාය වී තිබෙන්නේ දූෂණ චෝදනා එල්ල වී ඇති පරණ හොරු ඇල්ලීම බවත් එය නිසි පරිදි ක්‍රියාත්මක වන බවක් නොපෙනෙන බවද පවසයි.

විරුද්ධ පක්ෂය දැඩිව විවේචනය කළ සරත් ෆොන්සේකා මහතා විපක්ෂය දූෂිතයන්ගෙන් පිරී ඇති බවට චෝදනා කරයි.

ඊට අමතරව 2048 වසරේ දී මේ රට දියුණු රටක් බවට පත් කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා දුන් පොරොන්දුව සිහිපත් කළ ෆීල්ඩ් මාර්ෂල් එය විහිළුවක් බව පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *