අල-ලොකු ලූනු රතු ලූනුවලට සහතික මිලක් – සතොස-කාගීල්ස්-කීල්ස් පොදු එකඟතාවකට එයි

ලංකා සතොස, කාගිල්ස් සහ කීල්ස් ආය­තන එකම මිලක් යටතේ දේශීය අල, ලොකු ලූනු සහ රතු ලූනු මිලදී ගැනී­මට එක­ඟ­තා­ව­කට පැමිණි බව වෙළෙඳ වාණිජ ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි. ඒ අනුව අද (02) සිට අල, ලොකු ලූනු සහ රතු ලූනු වගා කරන ප්‍රදේ­ශ­ව­ලින් එම ආය­තන දේශීය අල කිලෝ­වක් රුපි­යල් 210ටත්, ලොකු ලූනු කිලෝ­වක් රුපි­යල් 130ටත්, රතු ලූනු කිලෝ­වක් රුපි­යල් 225ටත් මිලදී ගනු ලබන බව ද අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි.

එලෙස මිලදී ගන්නා දේශීය අල කිලෝ­වක් රුපි­යල් 250ටත්, ලොකු ලූනු කිලෝ­වක් රුපි­යල් 150ටත්, රතු ලූනු කිලෝ­වක් රුපි­යල් 295ටත් ලංකා සතොස වෙළෙ­ඳ­සල් තුළින් පාරි­භෝ­ගික ජන­තා­වට ලබා­ගත හැකිය.

දේශීය අල මිලදී ගැනීම කැප්පෙ­ටි­පොළ, නුව­ර­එ­ළිය, බෝග­හ­කු­ඹුර ලංකා සතොස ආය­ත­න­ව­ල­දීත්, බණ්ඩා­ර­වෙල, නුව­ර­එ­ළිය, බොර­ලන්ද කාගිල්ස් ආය­ත­න­ව­ල­දීත්, කැප්පෙ­ටි­පොළ, නුව­ර­එ­ළිය කීල්ස් ආය­ත­න­ව­ල­දිත් සිදු කෙරෙයි. ලොකු ලූනු මිලදී ගැනීම දඹුල්ල, තඹු­ත්තේ­ගම ලංකා සතොස ආය­ත­න­ව­ල­දීත්, සීගි­රිය, තඹු­ත්තේ­ගම කාගිල්ස් ආය­ත­න­ව­ල­දීත්, දඹුල්ල, තඹු­ත්තේ­ගම කීල්ස් ආය­ත­න­ව­ල­දීත් සිදු කෙරෙයි.

රතු ලූනු මිලදී ගැනීම ලංකා සතොස ආය­ත­නයේ යාප­නය ආර්ථික මධ්‍ය­ස්ථා­න­යේ­දීත්, නොරො­ච්චෝල, අල­වෙඩ්ඩි කාගිල්ස් ආය­ත­න­ව­ල­දීත්, යාප­නය, පුත්ත­ලම කීල්ස් ආය­ත­න­ව­ල­දීත් සිදු කිරී­මට නිය­මි­තය.

එක් ගොවි මහ­ත්ම­යෙක් සඳහා අල, ලොකු ලූනු හා රතු ලූනු උප­රිම කිලෝ­ග්‍රෑම් 2000ක ප්‍රමා­ණ­යක් මෙම ස්ථාන­ව­ලට සැප­යීමේ හැකි­යාව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *