ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, ජාතික සතොස ලේබලය යටතේ ඇසුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් දිවයින පුරා ලංකා සතොස අලෙවිසැල්වලින් ලබා ගත හැකිය.
මෙම වැඩසටහන යටතේ, පාරිභෝගික ජනතාවට සාධාරණ මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 23ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇති අතර, මෙය එහි පළමු පියවර ලෙස සැලකේ. මෙම පියවර මගින් දිගුකාලීනව ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.
දැනට, කිලෝග්‍රෑම් 5ක සුදු කැකුළු සහල් මිටියක් රුපියල් 1,100කට සහ නාඩු සහල් මිටියක් රුපියල් 1,150ක් වැනි සාධාරණ මිලකට ලංකා සතොස අලෙවිසැල්වලින් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවේ.