ජනාධිපතිවරයා මෝඩිගේ විශ්වාසය දිනාගත් අයුරු විශිෂ්ටයි – එස්.බී දිසානායක කියයි

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය ඉතාම විශිෂ්ඨ ලෙස සංවිධානය කර තිබුණු බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහු පවසන ආකාරයට, මෙරට පළමු අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එවකට ඉන්දීය අග්‍රාමාත්‍යරිය වූ ඉන්දිරා ගාන්ධී සමග ඇති කර ගත් හෘදයාංගම සම්බන්ධයට සමාන බැදීමක් නව රජය මෝදි අග්‍රාමාත්‍යවරයා සමග ඇති කරගැනීමට සමත් වූ බව ඔහු පවසයි.

විශේෂයෙන්ම, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ ලංකාවට ලබා දුන් කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගන්නා ලෙස අගමැති මෝඩිට තමිල්නාඩුවෙන් බලපෑමක් එල්ල වී තිබුනද, ඔහු ඒ පිළිබදව වචනයක් හෝ සිය සංචාරය තුළ කතා නොකලේ අනුර ජනාධිපතිවරයා පිළිබදවත් නව රජය පිළිබදවත් මෝදි අග්‍රාමාත්‍යවරයා තුළ ගොඩනැගුණු විශ්වාසය නිසා යැයි එස්.බී. දිසානායක මහතා පවසයි.

එමෙන්ම, ඉන්දියාව සමග ශ්‍රී ලංකාව ඇති කර ගත් ගිවිසුම් පිළිබදවද හිටපු අමාත්‍යවරයාට ඇත්තේ සුබවාදී දැක්මකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *