සාමාන්‍ය පෙල විභාගය 10 වසරේ – උසස් පෙළ විභාගය 12 වසරට අරන් එයි

11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසයි. 

දැනට 13 වසරේදී පැවැත්වෙන උසස් පෙළ විභාගයද ඉදිරියේදී 12 වසරේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ය.

එසේම කුඩා දරුවන් සඳහා පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” ආරම්භ කිරීමටද සූදානමින් සිටින බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් සඳහන් කළේ ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 120 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් දැනට දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල 100ක් පමණ ඇතැයිද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *