සල්ලි හොයන්න ඇඟ විකුණන පාසල් සිසුවියන් ගැන අනාවරණය වෙයි

පසුගිය දින කිහිපය පුරා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පාසල් ළමුන් ඉලක්ක කර මත් පෙති හා කරල් විකුණන ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිළිබඳ තොරතුරු සොයාබැලීමේ දී අනාවරණය වන්නේ වැඩි වශයෙන් කොළඹින් දුර බැහැර අනුරාධපුර ආදී නගරවල මත් පෙති හා මත්කරල් ජාවාරමට වැඩි වශයෙන් පාසල් සිසු සිසුවියන් ඇබ්බැහි වී ඇති බවයි.

ගුවන් හමුදා බුද්ධි ඒ්කකයෙන් ලබාදුන් තොරතුරු අනුව පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අනුරාධපුර, 04 කණුව අසල සිදුකළ වැටලීමකදී පාසල් දරුවන්ට මත් කරල් අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අංගුවට ගෙන ඇත .

අද දිනයේ ද අනුරාධපුර යුද හමුදා බුද්ධි අංශ නිලදාරීන් ලබාදුන් තොරතුරු මත මත්පෙති දහසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු අදාළ මත්පෙති තොග රැගෙන තිබුනේ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ඔසුසලකින්.

වැඩි වශයෙන් අනුරාධපුර නගරයේ පාසල් සිසුවියන් ඉලක්ක කර පවත්වාගෙන යන මෙම මත් පෙති හා මත් කරල් ජාවාරම හරහා දැරියන් දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

මත් පෙති ලබාගැනීමට මුදල් සොයා ගැනීම සඳහා පාසල් තුළදීම සිසුවියන් විසින් පිරිමි දරුවන්ට තම ලිංගික අවයව ස්පර්ශ කිරීමට ඉඩ දී මුදල් ලබාගැනීමට පෙළඹී ඇති බවත් ඔහු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *