පාසලේ ගණිත ගුරුවරයාගෙන් අමානුෂික ලෙස ගුටි කෑ සිසුවා සිහිසුන්වී රෝහල්ගත කරයි

මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පාසලක 10 ශ්‍රේණියේ සිසුවෙකුට එම පාසලේ ගණිත ගුරුවරයා විසින් ඉතා අමානුෂික අන්දමට පහර දීම නිසා සිහිසුන් වූ සිසුවා මන්නාරම රෝහලට ඇතුළත් කොට තිබේ.

එම සිසුවා තවත් සිසුවකු සමග පන්ති කාමරයකදී ඇති කරගත් ගැටුමක් සම්බන්ධයෙන් ශිෂ්‍ය නායකයෙකු ගණිත ගුරුවරයාට කළ පැමිණිල්ලක් විභාග කොට අදාළ ගුරුවරයා එම සිසුවාට පහර දී තිබේ.

පහර කෑමෙන් තුවාල ලබා සිහිසුන් වූ සිසුවා රෝහල් ගත කොට තිබේ.

මේ පිළිබඳ සිසුවාගේ දෙමව්පියන් පේසාලේ පොලිසියට හා මන්නාරම කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *