නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ (2026) ජනවාරි මස සිට පාසල් පැවැත්වෙන කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ වන බවත් 1 සහ 6 වැනි ශ්‍රේණිවල දරුවන්ට ජනවාරි මස සිට ‘මොඩියුල’ පාදකකරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාතයංශයේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති නිල මාධ්‍ය හමුවේදී නාලක කලුවැව මහතා එසේ පැවසීය.